මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලයි.

මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලයි.

සිංගප්පූරු ජාතිකයකු විසින් මෙරට පුද්ගලයින් දෙදෙනෙකු යොදවා මහර කඩවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ව්‍යාජ විදේශීය මත්පැන් ස්කාගාරයක් වටලා විදේශීය මත්පැන් බෝතල් රැසක් අත්අඩංගුවට ගෙන තිබේ.

යුද හමුදා බුද්ධි අංශ තොරතුරක් මත බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය විසින් ඊයේ එම වැටලීම සිදුකර තිබේ. දිගුකලක් තිස්සේ එම නීතිවිරෝධී ව්‍යාජ මත්පැන් නිෂ්පාදන ස්කාගාරය මහර කඩවත ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගොස් තිබේ. එම වැටලීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.මෙහිදී එම ස්කාගාරයේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද විදේශීය විස්කි බෝතල් 54ක්, එම බෝතල් සීල් කිරීම සඳහා යොදාගන්නා යන්ත්‍ර 2ක් සහ මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ද්‍රව්‍ය හා උපකරණ තොගයක් ද සොයාගෙන ඇත. බියගම සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media