වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න – ජනාධිපති රනිල්

වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු කරන්න – ජනාධිපති රනිල්

වහාම තම ආසනවලට ගොස් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන නිලධාරී මණ්ඩලයට දැනුම් දී තිබේ.

කොළඹ රැඳී නොසිට තමතමන්ගේ ආසනවල ගෙන්ගෙට යෑමේ වැඩපිළිවෙළ අරඹන ලෙස ද ජනාධිපතිවරයා එජාප නිලධාරී මණ්ඩලයට උපදෙස් දී තිබේ. මේ අනුව එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාට ගම්පහ දිස්ත්‍රික්කයේ ද, සභාපති වජිර අබේවර්ධන මහතාට ගාල්ල දිස්ත්‍රික්කයේ ද, ජාතික සංවිධායක සාගල රත්නායක මහතාට කොළඹ සහ මාතර දිස්ත්‍රික්කවල ද, උපනායක අකිල විරාජ් කාරියවසම් මහතාට කුරුණෑගල දිස්ත්‍රික්කය ද, ජාතික ලේකම් රවි කරුණානායක මහතාට කොළඹ උතුර ද, භාණ්ඩාගාරික ෆිරෝ ෆාරුක් මහතාට මාවනැල්ල ප්‍රදේශයේ ද, නියෝජ්‍ය මහලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා යන මහත්වරුන්ට පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්කවල සම්බන්ධිකරණ කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media