නවසීලන්තයේ මඕරි රජු මිය යයි.

නවසීලන්තයේ මඕරි රජු මිය යයි.

නවසීලන්තයේ Maori රජු Kiingi Tuheitia Pootatau Te Wherowhero VII අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට වයස අවුරුදු 69 දී පසුවූ ඔහු ඔහුගේ බිරිඳ සහ දරුවන් තිදෙනා සමග සිටියදී සාමකාමීව මිය ගිය බවයි නවසීලන්ත මඕරි ව්‍යාපාරයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත.

Kiingitanga, හෙවත් එරට Maori ව්‍යාපාරය, ප්‍රාදේශීය වේලාවෙන් සිකුරාදා උදෑසන මෙම පුවත සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

ඔහුගේ රාජාභිෂේකයේ 18 වැනි සංවත්සරය සමරා දින කිහිපයකට පසු රජු හෘද සැත්කමක් සිදු කර ඇති අතර ඉන් සුවය ලබමින් රෝහල්ගතව සිටින අතරතුර මෙලෙස මියගොස් ඇත.

නවසීලන්ත ස්වදේශිකයන්වන මඕරි වාසින්ගේ රජුගේ මරණය සියලු ස්වදේශික ජනතාවට සහ සමස්ත ජාතියේ අනුගාමිකයින්ට මහත් ශෝකජනක මොහොතක් යැයි ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා තිබේ.

1955 දී Tūheitia Paki නමින් උපත ලබා ඇති රජු ඔහුගේ මවවන Te Arikinui Dame Te Atairangikaahu ගේ අභාවයෙන් පසුව 2006 දී රජු බවට පත්ව තිබුණි.

ඔහුගේ මව මෙන්ම,Tūheitia රජු ද සාමකාමී චරිතයක් ලෙස සලකනු ලැබ ඇති අතර මෑතදී ඔවුන් ඉලක්ක කරගත් නව රජයේ ප්‍රතිපත්ති හමුවේ එකට නැගී සිටින ලෙස මාඕරිවරුන්ට ආරාධනා කර තිබුණි.

Tūheitia රජුගේ අනුප්‍රාප්තිකයා Kiingitanga තුළ සිටින නායකයින් විසින් තෝරා ගනු ලබන අතර ඔහුගේ අවමංගල්‍ය චාරිත්‍ර අවසන් වූ පසු ප්‍රකාශ කිරීමට නියමිතය.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ රජුගේ දේහය දින පහක් මඕරි රජුගේ ආසනය වන ටුරංගවාවේ මාරේ රාජ්‍යයේ තබා පසුව තවුපිරි කන්දේ තැන්පත් කිරීමට ගෙන යනු ඇති බවයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media