ජීව උණ්ඩයක් සමග විශ්‍රාමික ගුවන් සෙබළියක් කටුනායක දී අත්අඩංගුවට

ජීව උණ්ඩයක් සමග විශ්‍රාමික ගුවන් සෙබළියක් කටුනායක දී අත්අඩංගුවට

ඩුබායිහි වාසය කරන සිය වැඩිමල් සොහොයුරිය වෙත යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ටී – 56 උණ්ඩයක් සොයාගෙන ඇත. ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු‍ පරිලෝකන යන්ත්‍රය පරීක්ෂා කිරීමේදී ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ඇයගේ ගමන් මල්ලක තිබී මෙම උණ්ඩය සොයා ගෙන තිබේ.

ඇය කුරුණෑග නිකදළුපොත , හිරිපිටිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකි .

ඊයේ පස්වරු 05.45 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරණ ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඇය පැමිණ තිබුණි .

එහිදී ඇය ප්‍රකාශයක් ලබා දෙමින් මෙම උණඩය තම අත් බෑගය තුළට පැමිණි ආකාරය පිළිබඳව අවබෝධයක් නොමැති බව ප්‍රකාශ කර තිබේ .

ඉන්පසුව ඇය සහ මෙම ජීව උණ්ඩය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

 
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media