රනිල්ගේ සහයට “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” පෙරමුණ එළිදකී

රනිල්ගේ සහයට “පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” පෙරමුණ එළිදකී

“පොදුජන එක්සත් නිදහස් පෙරමුණ” හෙවත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන පක්ෂ සියල්ල එකතුව ගොඩනැගු නව සන්ධානය එළිදැක්වීම අද (05) සිදුකෙරුණා. බත්තරමුල්ල වෝටර් එජ් හෝටලයේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානය එළිදැක්වීම සිදු විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සන්ධානයේ සභාපතිත්වය දරනු ලබන අතර නව සන්ධානයේ ලේකම්වරයා අමාත්‍ය රමේෂ් පතිරණයි.

මෙහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, එක්සත් මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, තමිල් මක්කල් විදුතලයි පුලික්කාල් පක්ෂය, ජාතික ක්‍රොංගසය, එක්සත් ජනතා පක්ෂය, ජාතික සමගි පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා බලවේගය නියෝජනය කරන සාමාජිකයන් එක්ව අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media