ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙයි.

ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙයි.

එළඹෙන 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දිවයිනේ සියළු පාසල් 20 වැනිදා වසා දැමෙන බවත් 23 වැනිදා සිට නැවත ආරම්භ කෙරෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් සැප්තැම්බර් 19 වැනි දින පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදී ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවද සඳහන් කරයි. ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් ඊට අදාලව දැනුම්දී ඇති දින සිට වසා තැබෙන බවද පවසයි. ඒ අනුව කොළඹ රාජකීය විද්‍යාලය, සහ ඩී.එස්. සේනානායක විද්‍යාලය 18 වැනිදා සිට 24 වැනිදා තෙක් වසා තැබේ.මීට අමතරව අදාල දිස්ත්‍රික්කයන්හි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල්ද 14,15,16 දා සිට ලෙස වසා දැමීමට තීරණය කර ඇත.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media