කෝටි තුනක රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

කෝටි තුනක රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් තම කළිසම් සාක්කුවේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළ සංක්‍රමණික මගී පර්යන්තයේ ( ඔර්බිසඑ ඔැරපසබ්ක ) රැඳී සිටි ගුවන් මගියෙකු 07 දින පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු 29 හැවිරිදි නිතර නිතර ගුවන් ගමන්වල නිරත වන ඉන්දීය ජාතික ව්‍යාපාරික ගුවන් මගියෙකි. ඉකුත් 06 දින ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ තිබූ මොහු 07 දින පස්වරු 02.10ට ඉන්දියාවේ බැංගලෝර් වෙත පිටත්ව යාමට නියමිත ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ.- 1150 දරන ගුවන් යානයට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි. මොහු පිටත්වීමේ පර්යන්තයේ සිට සංක්‍රමණික ගුවන් මගී පර්යන්තය වෙත ගොස් සිටියදී ඇඳ සිටි කළිසම් සාක්කුවක් තුළ කුඩා බෑගයක බහා කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 158 ක් බරැති රන් බිස්කට් 09 ක් සහ තවත් රන් බිස්කට් කැබළි 03 ක් සඟවා ගෙන සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබිණි. මේ වනවිට මෙම පුද්ගලයා සහ ඔහු සන්තකයෙහි තිබූ රන් බිස්කට් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

කටුනායක – ටී.කේ.ජී. කපිල

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media