මීගමුව, මංකුලියේ බෑනාගේ පහරදීමෙන් මාමණ්ඩිය මරුට.

මීගමුව, මංකුලියේ බෑනාගේ පහරදීමෙන් මාමණ්ඩිය මරුට.

ඊයේ (09) තියුණු ආයුධයකින් පහරදී මීගමුව, මංකුලිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව මීගමුව පොලිසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ, මංකුලිය ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පුද්ගලයෙකි. මෙම මරණකරු තම දියණිය සමග ඇති වූ ආරවුලකදී දියණියගේ ස්වාමිපුරුෂයාද ඊට සම්බන්ධ වී එය දුරදිග යාම හේතුවෙන් දියණියගේ ස්වාමිපුරුෂයා විසින් සිදු කළ තියුණු ආයුධයකින් පහරදීමකින් මෙම මරණය සිදු වී ඇති බවට මේ වන විට අනාවරණය වී තිබෙයි.

මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media