මීගමුවේ ව්‍යාපාරිකයෙකු ගෙනා රුපියල් දෙකෝටියක රත්‍රං කුඩු තොගයක් කටුනායකින් අල්ලයි.

මීගමුවේ ව්‍යාපාරිකයෙකු ගෙනා රුපියල් දෙකෝටියක රත්‍රං කුඩු තොගයක් කටුනායකින් අල්ලයි.

රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රත්තරන් කුඩු (Gold Power) තොගයක් නීතිවිරෝධී ලෙස සගවා ගෙන පැමිණි ගුවන් මගියෙකු අද (13) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බව සඳහන්.

ඔහු ඩුබායි සිට ඉන්දියාවේ මුම්බායි නුවර වෙත පැමිණ, එතැන් සිට අද පස්වරු 12.10 ට ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6 ඊ. – 1185 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරු හැද සිටි කළිසමේ බැද තිබූ ඉන පටිය තුළ පැකට් ලෙස සකස් කර සගවා ගෙන මෙම රත්තරන් කුඩු කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 460 ක් රැගෙන පැමිණ තිබු බවයි වාර්තා වන්නේ.

අදාළ පුද්ගලයා මේ වනවිට මෙම පුද්ගලයා රේගු අත්අඩංගුවේ තබා ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව සඳහන්.

Monara

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media