ඔන්න එහෙනම් මෙදා සැරේ ඡන්ද ඔට්ටුත් වැඩි වෙලා… කෝටි ගණනක මුදල් හා දේපළ ඡන්ද ඔට්ටු දාලා

ඔන්න එහෙනම් මෙදා සැරේ ඡන්ද ඔට්ටුත් වැඩි වෙලා… කෝටි ගණනක මුදල් හා දේපළ ඡන්ද ඔට්ටු දාලා

මැතිවරණ සමයේදී ඔට්ටු ඇල්ලීම සාමාන්‍යයෙන් සිදු වන දෙයක් බව නොරහසක්.

කෙසේ වෙතත් මෙවර ජනාධිපතිවරණයේදී එය පෙර නොවූ විරූ අන්දමින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ, මෙවර මැතිවරණය තීරණාත්මක එකක්වීම හේතුවෙන්.

ඇතැම් පිරිස් නිවාස, වාහන සහ මුදල් ඇතුළු කෝටි ගණනක දේපළ ද ඡන්ද ඔට්ටු වශයෙන් තබා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මීට අමතරව ඇතැම් අය හිස බූ ගෑම, මහ පාරේ පැය ගණන් සිටගෙන සිටීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීමට ගිවිසගෙන ඇති බව ද සඳහන්.

මෙම පිරිස අතර ව්‍යාපාරිකයන් වැඩි පිරිසක් තියෙන සිටින බවත්, ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් මැණික් ව්‍යාපාරිකයන් සහ තේ වතු හිමියන් සිටින බවට ද තොරතුරු වාර්තා වනවා.

ඔට්ටු ඇල්ලූ පිරිස් නීතිඥවරුන් ඉදිරියේ ගිවිසුම් අත්සන් කර ඇති බව ද පැවසෙනවා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media