බණ්ඩාරනායක ‘X – ban 24’ ප්‍රදර්ශනය මේ මස 24 සිට 28 දක්වා.

බණ්ඩාරනායක ‘X – ban 24’ ප්‍රදර්ශනය මේ මස 24 සිට 28 දක්වා.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයීය ” X – ban 24″ අධ්‍යාපනික, විද්‍යා හා තාක්ෂණික ප්‍රදර්ශනය ජුලි 24 සිට 28 දින දක්වා දින 05ක් පුරා එම විදුහල් පරිශ්‍රයේදී පැවැත්වේ.

අධ්‍යාපනයේ අනාගතය , සෞඛ්‍ය හා සමබර ජීවන පෙරලිය, චිරස්ථායි සංවර්ධනයක් සඳහා නීල හරිත ආර්ථිකය , ගෝලීය සම්බන්ධීකරණ සමාජ විවිධත්වය සහ අන්තර්කරණය , දෛනික ජීවිතය තුළ කෘත්‍රීම බුද්ධිය යන තේමා යටතේ අධ්‍යාපනික , විද්‍යා හා තාක්ෂණික දැනුම තුළින් ගොඩනංවන ලද සිසුන්ගේ නව නිර්මාණ පර්යේෂණාත්මක ව්‍යාපෘති හා රසවින්දනාත්මක වැඩසටහන් ආදියෙන් යුත් ප්‍රදර්ශන කුටි රැසකින් සමන්වවිතයි.

බණ්ඩාරනායක විද්‍යාලයීය 106 වෙනි සංවත්සරයට සමගාමීව 8 වෙනි වරට පැවැත්වෙන මෙය පෙරවරු 8.00 සිට පස්වරු 5.00 දක්වා ප්‍රදර්ශනයත් , පස්වරු 6.00න් පසුව ආදි ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංග ඇතුලු සැණකෙළිය සඳහාත් වෙන් වන බවත් මෙම අධ්‍යාපනික ප්‍රදර්ශනය තුළින් විද්‍යාලයේ ප්‍රධාන ශාලාව සංවර්ධනය කිරීමේ කාර්යය සිදු කිරීමට සැලසුම් කොට ඇති බව සඳහන්.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media