,

පිළිගත් දේශපාලන පක්ෂයක ඇප මුදල 50,000 යි – වෙනත් අයෙක් නම් 75,000 යි.

පිළිගත් දේශපාලන පක්ෂයක ඇප මුදල 50,000 යි – වෙනත් අයෙක් නම් 75,000 යි.

අද (26) සිට ලබන අගෝස්තු මස 14 වැනිදා මධ්‍යහ්න 12 දක්වා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසයි.

ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් වන අපේක්ෂකයෙකු රුපියල් 50,000ක ඇප මුදලක් තැන්පත් කළ යුතු අතර වෙනත් දේශපාලන පක්ෂයකින් හෝ ඡන්දහිමියෙකු විසින් යෝජනා කරන ලද අපේක්ෂකයෙකු රුපියල් 75,000ක මුදල් ඉදිරිපත් කළ යුතුය.

මේ අතර නිදහස් සහ සාධාරණ ඡන්ද විමසුමක් පැවැත්වීමට අපේක්ෂාවෙන් පසුවන බව ද මැතිවරණ කොමිෂන් සභාපතිවරයා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නියම කරන ලද නියමයන් සහ විධානයන්ට අනුව ඉදිරි මැතිවරණ කටයුතු සිදුකරගෙන යාමට සහාය ලබාදෙන ලෙස ඒ මහතා ඉල්ලීමක් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media