හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්පත වෙයි.

හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අභාවප්‍රාප්පත වෙයි.

වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද අභාවප්‍රාප්පත වී ඇත.

කාලයක් රෝගාතුරව පසු ඒ මහතා මිය යන විට 72 වියේ පසුවිය. හෙතෙම දෙදරු පියෙකි.

හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍ය රැසකට දායක වී ඇති ඒ මහතා ඉන් වසර හතළිහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳ මාමා ළමා වැඩසටහනේ පෙත්තප්පු හඩ නළුව ඉදිරිපත් කර තිබේ.

දේහය රාජගිරිය ගෝතමී පාරේ අංක133/25 නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media