තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අගෝස්තු 5

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය අගෝස්තු 5

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බව එහි සඳහන් .

එම නිසා ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.

2024 ජනාධිපතිවරණයට අදාලව තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට ලියාපදිංචිය සඳහා අයදුම්පත්‍ර https://www.elections.gov.lk වෙබ් අඩවියට මේ වනවිට ඇතුලත් කර ඇති අතර තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අගෝස්තු 05 වනදායින් අවසන් වෙයි.

Monara

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media