වනිඳු හසරංගට ඉන්දීය තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වෙයි

වනිඳු හසරංගට ඉන්දීය තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වෙයි

පළමු එක්දින තරගය අතරතුරදී පාදයක් ආබාධයට ලක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංගට ඉන්දියාව සමඟ පැවැත්වෙන එක්දින තරගාවලියේ ඉතිරි තරග දෙක අහිමි වන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ස්කෑන් පරීක්ෂණයකටද වනිඳු හසරංග යොමු කිරීමෙන් අනතුරුව මේ බව තහවුරු වී තිබෙන අතර වනිඳු හසරංග වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සේ සංචිතයට කැඳවා තිබෙන බවයි වාර්තා වන්නේ.

දෙරට අතර දෙවන එක්දින තරගය අද පස්වරු 02.30ට කොළඹ, ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

ඉන්දීය කණ්ඩායම සහ   ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගය ලකුණු සමවීම හේතුවෙන් ජය පරාජයකින් තොරව අවසන් වුණා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media