Green Team – මිනුවන්ගොඩ කණ්ඩායම ගල්කන්ද සිරිනිකේත විහාරස්ථානය පවිත්‍ර කරයි.

Green Team – මිනුවන්ගොඩ කණ්ඩායම ගල්කන්ද සිරිනිකේත විහාරස්ථානය පවිත්‍ර කරයි.

ගල්කන්ද පුරාණ සිරිනිකේත රජමහා විහාරස්ථානය පිරිසිදු කිරීමේ වැඩසටහනක් “Green team – මිනුවන්ගොඩ” පරිසර ඒකකයේ නිලධාරීන්ගේ මූලිකත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

පාරසරික සමතුලිත බව ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස ” Green Team” වැඩසටහනේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය වැඩසටහන් මාලාව යටතේ මෙම පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා  රාජකරුණා මහත්මියගේ උපදෙස් හා මගපෙන්වීම පරිදි ක්‍රියාත්මක වන මෙම වැඩසටහන ප්ලාස්ටික්, පොලිතින්වලින් තොර පරිසර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ සංකල්පය යටතේ සිදු කරනු ඇත.

විහාරස්ථාන භූමිය බැතිමතුන් විසින් ඉවත දැමූ කැලිකසලවලින් පිරී ගොස් තිබූ අතර විහාර පරිශ්‍රයේ වීදුරු ,ප්ලාස්ටික් ,පොලිතින් හා ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන බොහොමයක් දක්නට දන්නට ලැබිණි. පාරසරික වශයෙන් අක්කර 15ක පමණ වන ගහනයෙන් යුත් මෙම විහාරස්ථ භූමිය ප්ලාස්ටික්, පොලිතින් හා කැලිකසලවලින් තොර පරිසර හිතකාමී ස්ථානයක් බවට පත් කිරීම මෙම ශ්‍රමදාන වැඩසටහනේ මූලික අරමුණ බව මෙහිදී අදහස් දක්වමින් මිනුවන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මිය පැවසීය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 121ම ආවරණය වන පරිදි මාසිකව “Green Team” වෙතින් පරිසර ක්‍රියාකාරකමක් සිදුකිරීමට නියමිතය.  “Green Team- Minuwangoda කණ්ඩායම ” ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුබද්ධ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත වන අතර පරිසර සංවිධාන, ප්‍රජා සංවිධාන,  සහ පාසල් නියමු බට කණ්ඩායම්වල සහයෝගය ද මෙයට හිමිවනු ඇත.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකරනු ලැබූ මෙම වැඩසටහන සඳහා පුරාණ සිරිනිකේත රජමහා විහාරයේ  ගුරු උපදේශ ශාන්ත දේව ස්වාමීන් වහන්සේ, පරිපාලන නිලධාරි වත්සලා නිල්වල, වසම භාර ග්‍රාම නිලධාරී වයි .ඒ. ශාමලී යහම්පත්, වසම භාර සංවර්ධන නිලධාරි තරංගනී ගමගේ  යන මහත්මීන් සහ ගල්කන්ද සිරිනිකේත රජමහා විහාරයේ දායක පිරිස ඇතුළුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ” Green Team ” කණ්ඩායම විසින් සහයෝගය දක්වන ලදී.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media