Online දුම්රිය ප්‍රවේශපත් දැන් මිලදී ගත හැක

Online දුම්රිය ප්‍රවේශපත් දැන් මිලදී ගත හැක

අන්තර් ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත් වෙන්කර ගැනීම අද සිට ක්‍රියාත්මක බව ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කරයි.ඒ සදහා වූ ” pravesha”” වෙබ් අඩවිය එළිදැක්වීම ඊයේ නෙලුම් කුළුණ පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.අද දින සිට www.pravesha.lk වෙබ් අඩවිය මගින් අන්තර්ජාලය ඔස්සේ මගී ජනතාවට ඩිජිටල් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් පෝලිමේ රුදී නොසිට මිලදී ගැනීමට අවස්ථාව ලැබේ.

දැනට දුම්රිය ධාවනය වන ඕනෑම දුම්රිය ස්ථාන දෙකක් අතර ගමන් කිරීමට අවශ්‍ය 2 වන හා 3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර බැංකු මගින් නිකුත් කරනු ලබන ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මගින් මුදල් ගෙවා මිලදී ගත හැකිය. මුදල් ගෙවූ පසු sms පණිවිඩයක් මගින් හෝ ඊමේල් පණිවිඩයකින් මුදල් ගෙවන්නාගේ ජංගම දුරකථනය වෙත ප්‍රවේශපතේ QR කෝඩ් එක එවනු ලැබේ. එම QR කෝඩ් එක අදාල දුම්රි ස්ථානයෙන් පරීක්ෂා කර ප්‍රවේශ පත්‍රයේ සදහන් ගමන් කරන දිනය තුළදී පමනක් දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව හිමි වේ. ගමන් කිරීමට අපේක්ෂා කරන දිනට දින හතකට පෙර සිට මෙම වෙබ් අඩවිය ඔස්සේ ඩිජිටල් ප්‍රවේශපත්‍ර ලබාගත හැකිය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media