SL vs IND 3rd T20 තරගාවලියේ ජය ඉන්දියාවට

SL vs IND 3rd T20 තරගාවලියේ ජය ඉන්දියාවට

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය සුපිරි පන්දුවාරයේදී ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 137 ක් ලබා ගත්තා.

පන්දුවට පහරදීමේදී Shubman Gill ලකුණු 39 ක් හා Riyan Parag ලකුණු 26 ක් ලබා ගැනීමට සමත් වුණා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 3 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා චමිඳු වික්‍රමසිංහ, අසිත ප්‍රනාන්දු හා රමේෂ් මෙන්ඩිස් එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

ඒ අනුව තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දුවාරයේදී ලකුණු සම කිරීමට හේතුවෙන් තරගයේ ජයග්‍රහණය තීරණය කිරිමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුණා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media