අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට

අන්තරේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවට එරෙහිව සහ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඉදිරිකිරීමට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද පස්වරුවේ පැවැති විරෝධතාවයක් අතරතුර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත් අත්අඩංගුවට ගෙන තිබේ.

එම ස්ථානයට මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියකු පැමිණ තිබූ අතර විරෝධතාකරුවන්ට විසිරෙන ලෙසත් මැතිවරණ සමයේ විරෝධතා, පෙළපාලි සඳහා කිසිදු ඉඩක් නොමැති බවත් එම නිලධාරියා පැවසීය.

කෙසේවෙතත් විරෝධතාකරුවන් පාගමන යෑමට සැරසීමත් සමග අන්තරේ කැඳවුම්කරුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව පොලීසිය විසින් විරෝධතාවය විසුරුවා හැරීමට කටයුතු කිරීමේදී තවත් පිරිසක් අත්අඩංගුවට ගැනුණි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media