අලුත් කළ නොහැකි සියලූම රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර…

අලුත් කළ නොහැකි සියලූම රියැදුරු බලපත්‍ර අහෝසි කිරීමට පියවර…

වාර්තා වන රිය අනතුරු සැලකිල්ලට ගනිමින් අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය ගත් බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව, අලුත් කළ නොහැකි බර වාහන රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක පමණ ද අලුත් කළ නොහැකි සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍ර හිමියන් ලක්ෂ 10ක බලපත්‍ර ද ඉදිරියේදී අවලංගු කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වැඩි දුරටත් කියා සිටියි.

එම රියැදුරු බලපත්‍ර ලාභීන්ට සහන කාලයක් තුළ නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම සිදුකළ හැකි අතර ඒ සඳහා ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ සඳහා මුහුණ දීම ද කළ යුතු බව කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media