කිසිවෙකුට නොරිදවා ජයග්‍රහණය සමරන හැටි අනුර පහදයි.

කිසිවෙකුට නොරිදවා ජයග්‍රහණය සමරන හැටි අනුර පහදයි.

අනෙකාට රිදවීමකින් තොරව ජයග්‍රහණය සමරන්නේ කෙසේදැයි ඔප්පු කර පෙන්වන බව ජාතික ජනබලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

මහනුවර පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.

රට තුළ ලේ වැගීරීමක් සිදුවිය හැකි බවට ඇතැමුන් ජනගත කිරීමට උත්සහ කරන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් ජාතික ජනබලවේගයට සහය දුන් නොදුන් කිසිවෙකුට රිදවන්නේ නැතිව ජයග්‍රහණය සමරන්නේ කෙසේද යන්න ලබන 22 වැනිදා ඔප්පු කර පෙන්වන බව ඔහු එහිදී අවධාරණය කළා.

කිසිඳු පුද්ගලයෙකුට නිය තුඩකින් හෝ හානියක් වීමට ජාතික ජනබලවේගය ඉඩ නොතබන බවට අනුර කුමාර දිසානායක මහතා එහිදී සහතික වූවා.

ඒ හේතුවෙන් රට තුළ කලබල හෝ එකිනෙකා අතර ගැටුම් ඇතිවෙන බවට වන ප්‍රචාරයන්ට හසුව අනිසි බියක් ඇති නොකර ගත යුතු බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එමෙන්ම මේ වනවිට යළි දේශපාලන වේදිකාව තුළ ආගම පිළිබඳ කියැවෙන බවත් ආගම යනු අලෙවි කරන දෙයක් නොවිය යුතු බවත් ඔහු කියා සිටියා.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා,

“ආයේ නැවත බුදු දහම පිළිබඳ කතා බහක් පටන් අරන් තියනවා.. ලාංකේය සමාජය මේ දක්වා ස්ථාවර කිරීමේදී කරන ලද කාර්යයන් පිළිබඳවත් අපේ ශිෂ්ඨාචාරය ගොඩනැඟීමේ දී බුදු දහම මූලික පදනමක් වු බවත් අපි ඉතා නිරවුල්ව සහ පැහැදිලිව විශ්වාස කරනවා… මං හිතන්නේ ආගම් පිළිබඳව හොඳට හෝ නරකට දේශපාලන වේදිකාවේ සාකච්ඡාවට ගන්න හොඳ නැහැ.. ඇතැම් කණ්ඩායම්වල පරමාර්ථය වී ඇත්තේ නැවත නැවත වේදිකාවල ආගම් පිළිබඳ ප්‍රශ්නයක් පැටලීමයි.. ඒ නිසා අපි උත්තර දෙනවා මිසක් මේ බුදුදහම, ඉස්ලාම් දහම, කිතු දහම පිළිබඳ කිසිවක් මේ වේදිකාවේ ඡන්ද එකතු කරගැනීම සඳහා භාවිත කරන්නේ නැහැ.. අනේකාට විවේඡන එල්ල කිරීමට හෝ අපි ඒ ගැන කතා කරන්නේ නැහැ.. ඒ ආගම්වලට නිසි ගෞරවය තිබීම, ඒ ආගම්වලට නිසි ඇගයීම තිබීම දේශපාලන වේදිකාවේ අලෙවි කරන සටන් පාඨයක් නොවන තාක්.. හැබැයි අද මොනවද වෙලා තියෙන්නේ.. බුදු දහම සහ අනෙක් ආගම්වලටත් කරන්න පුලුවන් නිගරුව තමයි මේ දේශාපලන වේදිකාවේ නැවත නැවත දහම පිළිබඳ පටන් අරගෙන තිබෙන සාකච්ඡාව.. ආගම යනු දේශපාලන වේදිකාවේ අලෙවි විය යුතු දෙයක් නොවෙයි..”

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media