කැලණිය ශ්‍රී විෂ්ණු රං දේවාල පුදබිමේ ශ්‍රී මහ බෝධි අංකුරයක් රෝපණය කෙරේ

කැලණිය ශ්‍රී විෂ්ණු රං දේවාල පුදබිමේ ශ්‍රී මහ බෝධි අංකුරයක් රෝපණය කෙරේ

කැලණිය උත්පලවන් ශ්‍රී විෂ්ණු රං දේවාලයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ මූලික අනුග්‍රහය මත එතුමා කාලයක් මුළුල්ලේ බලාපොරොත්තුවෙන් සිටි කැලණිය ශ්‍රී විෂ්ණු රං දේවාල පුදබිමේ ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ අංකුරයක් රෝපණය කිරීම පෙරේදා (24) උදෑසන මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ සිදුකෙරිණි.

ජය ශ්‍රී මහා බෝධි අංකූරය රෝපණය කිරීමෙන් අනතුරුව ප්‍රථම බුද්ධ පූජාව මර්වින් සිල්වා මහතා හා එතුමාගේ පවුලේ ඥාතීන් සහ හිතමිතුරන් එක්ව පවත්වා තිබේ. මෙම අවස්ථාවට ආචාර්ය මර්වින් සිල්වා මහතාගේ ආරාධනය මත අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර, ඓතිහාසික කැලණි පුරවරය තව තවත් ආශිර්වාදයට ලක් කරමින් මෙම පින්බිමේ ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් රෝපණය කිරීම උතුම් පින්කමක් යැයි අධිකරණ ඇමැතිවරයා මෙහිදී කියා සිටියේය.

ඓතිහාසික ශ්‍රී කල්‍යාණි රජමහා විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේගේ සුරතින් ශ්‍රී මහා බෝධි ශාඛාව, ඒ වෙනුවෙන් ඉදි කළ ආරක්ෂිත ස්ථානයේ රෝපණය කෙරුණු අතර, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති, පූජ්‍යපාද වැලමිටියාවේ ඤාණර‍තන හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ

කැලණිය ප්‍රදේශයේ විහාරස්ථාන නියෝජනය කරමින් විහාරාධිපති හිමිපාණන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා ද ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.

කැලණිය – කේ.එස්. හැන්නදි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media