මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.
අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරුණේ ජුලි මස 2 වනදා ය.
ඒ අනුව මේ වනවිට කිලෝග්රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වෙයි. එමෙන්ම කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වෙයි.
Leave a Reply