ජනතාවට වග කියන දේශපාලනය වෘත්තියක් කළහැකි මාලිමාවට පමණයි.

ජනතාවට වග කියන දේශපාලනය වෘත්තියක් කළහැකි මාලිමාවට පමණයි.

දේශපාලනය ජනතාවට වග කියන වෘත්තියක් බවට පත් කළ හැක්කේ මාලිමාවට පමණක් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ පැවැති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ ජාතික සමුළුව ඉකුත්දා (04 දින) සහභාගී වෙමින් ඒ මහතා මේ බව කීවේය.

එහිදි වැඩිදුරටත් හෙතෙම මෙසේ ද පැවසීය.

හමුදාවේ සොල්දාදුවන් හැටියට ඔබ දිවුරුම් දී ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් ජීවිතය පවා කැප කරනවා. රටේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඔබ ආසන්නයේම සිටි සගයා මියගොස් සිටියදී, සදාකාලික ආබාධිතයන් බවට පත්ව සිටියදී දිවුරුම අත්හැරියේ නැහැ. ඔබේ ශරීරයේ මූනිස්සම් වැදී, ඇස් අන්ධ වී, අතපය අහිමි වී, අනන්ත අප්‍රමාණ කැපකිරීම් කළත් පාලකයා හැකි හැම අවස්ථාවකදීම ව්‍යවස්ථාව කඩනවා. චන්ද්‍රිකා තමන්ගේ හිතවතුන්ට ජනාධිපති සමයේදී ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වැරදිකාරියක් වූවා. ආර්ථිකය කඩා වැට්ටවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මහින්ද රාජපක්ෂ වැරදිකරුවකු කළා. මෛත්‍රීපාල සිරිසේන හඳපානේ දේශපාලන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම, පාර්ලිමේන්තු විසුරුවා හැරීම, පාස්කු දින ප්‍රහාරය වළක්වා නොගැනීම, රෝයල් පාර්ක් තරුණිය ඝාතනය කළ අපරාධකරු ජනාධිපති බලතල යටතේ නිදහස් කිරීම වැනි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් රැසකට වැරදිකරු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.

තක්ෂිලා උදයංගනි

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media