,

තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්

තැපැල් ඡන්දයට අද සහ හෙට තවත් අවස්ථාවක්

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද භාවිත කිරීම සඳහා අද (11) සහ හෙට (12) යන දින දෙකේදී ද හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව කියා සිටී.

තැපැල් ඡන්ද භාවිතය සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා මෙම දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීමට හැකියාව ඇත.

මෙම දෙදින තුළදීත් තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වුවහොත් ඒ සඳහා වෙනත් දිනයක් නොමැති බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media