දරුවන් පරිස්සම් කර ගන්න – දෙමව්පියන්ට අනතුරු අඟවයි

දරුවන් පරිස්සම් කර ගන්න – දෙමව්පියන්ට අනතුරු අඟවයි

පවතින සීත කාලගුණයත් සමග ළමා හතිය වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසීය.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ ‘ඉන්ෆ්ලුවෙන්සා’ රෝගීන්ගේ වැඩිවීමක් ද පසුගිය දින කිහිපයේදී වාර්තා වූ බවයි.

විශේෂයෙන් කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදිය ඇත්නම් වයිරස් උණ ඇතිවීමේ අවධානමක් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

එසේම කැස්ස, හෙම්බිරිසාව, උණ වැනි රෝග ලක්ෂණ ඇත්නම් දරුවන් නිවෙසින් පිටතට නොයවන ලෙසද වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කළේය. තවද එම රෝග ලක්ෂණ ඇත්නම් මුව ආවරණයක් පැලඳීම සුදුසු බවද ඔහු සිහිපත් කළේය.

එමෙන්ම දරුවන්ට රාත්‍රි කාලයේදී කැස්ස පවතිනම් නිව්මෝනියා තත්ත්වයන් ඇතිවීමේ අවධානමක් ඇති බැවින් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසද සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media