නිට්ටඹුවේ බිහිසුණු අනතුරක් – පුද්ගලයෙක් මරුට

නිට්ටඹුවේ බිහිසුණු අනතුරක් – පුද්ගලයෙක් මරුට

නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේදී අද (27) උදෑසන නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් මාර්ගය අයිනේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇති බව නිට්ටඹුව පොලිසිය සඳහන් කරයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා 47 හැවිරිදි කලටුවාව, කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, නිට්ටඹුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media