,

ප්‍රසංග සහ සැණකෙළි සඳහා ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදෙයි.

ප්‍රසංග සහ සැණකෙළි සඳහා ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදෙයි.

ප්‍රසංග සහ සැණකෙළි පැවැත්වීමට ජනපතිවරණය අවසන් වනතුරු පොලිසිය අවසර නොදීම හේතුවෙන් රට පුරා ප්‍රසංග සංවිධායකවරුන් තුන්දහසකට ආසන්න පිරිසක් සහ මෙම කර්මාන්තය මත යැපෙන ගායක ගායිකාවන්, සංගීත ශිල්පීන්, වේදිකා නිර්මාණකරුවන් සහ වෙළෙඳුන් ඇතුළු ලක්ෂයකට ආසන්න පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා ප්‍රසංග සැණකෙළි සංවිධායකවරු සහ සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංගමයේ සභාපති දිනේෂ් ආතාවුද මහතා පවසයි.
මෙම තත්ත්වය මත දිවයිනේ විවිධ ප්‍රදේශවල සූදානම් කර තිබූ සැණකෙළි සහ ප්‍රසංග විස්සකට වැඩි ප්‍රමාණයක් නතර කිරීමට සිදුවූ බවද ඒ මහතා සඳහන් කරයි.

ප්‍රසංග සහ සැණකෙළි මැතිවරණ කාලයේදී නැවැත්වීමෙන් ඒවා සංවිධාන කරන පිරිස් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ජීවත් වන්නේ කෙසේදැයි තමා ප්‍රශ්න කරන බව පැවසූ ආතාවුද මහතා මැතිවරණයක් පැවැත්වෙන්නේ යැයි පවසමින්
ජන ජීවිතයේ අනෙකුත් කටයුතුවලට බාධා කිරීම නොකළ යුතු බවද පෙන්වා දුන්නේය.

තමන්ගේ මේ ප්‍රශ්නය පිළිබඳව වහාම මැදිහත්වී සොයා බලන අපේක්ෂකයෙකුට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන බවද ඔහු ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දිනේෂ් ආතාවුද මහතා මෙම තොරතුරු අනාවරණය කළේය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media