, ,

පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසල් 12,000කට නඩු

පාරිභෝගික අධිකාරියෙන් වෙළෙඳසල් 12,000කට නඩු

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මාස හයක් තුළ වෙළෙඳසල් 12,329කට නඩු පවරා ඇති බව එම අධිකාරියේ වැටලීම් අංශ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා ‘මව්බිම’ට පැවසීය.

වැටලීම් අංශ නිලධාරීන් මේ වසරේ ජනවාරි 1 සිට ජූනි 30 දක්වා මෙම වැටලීම් සිදු කර නඩු පවරා ඇති බව අධ්‍යක්ෂවරයා කීවේ ය.

සුපිරි වෙළෙඳසල් 446ක් ඒ අතර තිබෙන බව ත් කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළෙඳාම, වැඩි මිලට සහල් අලෙවි කිරීම, භාණ්ඩ මිල ප්‍රදර්ශනය නොකිරීම යන කරුණු මත ඒවාට නඩු පවරා ඇති බව ත් ඉරසිංහ මහතා අවධාරණය කළේ ය.

මෙලෙස වෙළෙඳසල්වලට නඩු පැවරීම් මගින් රුපියල් දසකෝටි තිස් අට ලක්ෂ පනස් පන් දාහක් (103,855,000/=) දඩ මුදල් වශයෙන් අය කර ඇති බව අධ්‍යක්ෂවරයා පැවසීය.

මෙම වසර අවසානය වන විට 34,000ක වැටලීම් ඉලක්කයක් සපුරා ගැනීම සඳහා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව ඉරසිංහ මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media