,

පොලිස්පති ධූරයේ අවුල ලිහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ…

පොලිස්පති ධූරයේ අවුල ලිහන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ…

පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (26) පෙරවරු 10.30ට රැස්වීමට නියමිතය.

මේ අතර පොලිස්පති ධූරයේ අර්බුදය සම්බන්ධයෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාද අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයට පත් කිරීම අනුමත කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ ඇතුළු විවිධ කණ්ඩායම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට චෝදනා එල්ල කරමින් සිටිති.

එම චෝදනාවලටද අගමැතිවරයා පිළිතුරු දෙනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අනුව පොලිස්පති ධූරය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් සංවාදයක් ඇතිවනු ඇතැයි වාර්තාවේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media