බංග්ලාදේශ අගමැතිණිය ඉල්ලා අස්වෙයි. අන්තරාවාර ආණ්ඩුවක්

බංග්ලාදේශ අගමැතිණිය ඉල්ලා අස්වෙයි. අන්තරාවාර ආණ්ඩුවක්

බංග්ලාදේශ අගමැති ශෙයික් හසීනා අද සිය ධුරයෙන් ඉල්ලා අස්ව රටින් පිටව ගියා. ඇය ඉන්දියාවට පැමිණ ඇති අතර එක්සත් රාජධානියේ දේශපාලන රැකවරණ ලබාගැනීමට බලාපොරොත්තු වනවා.

රජයේ රැකියා ලබාදෙන කෝටා ක්‍රමයකට එරෙහිව ඇරඹි විරෝධතා පසුව අගමැති ශෙයික් හසීනා ඉල්ලා අස්විය යුතු බවට කෙරෙන දැවැන්ත අරගලයක් බවට පත්වුණා. ඊයේ එම විරෝධතා මර්ධනය කිරීමට ආණ්ඩුව කළ උත්සාහයේදී සියයකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණා. අද දින නැවත උද්ඝෝෂණ ඇරඹුණ අතර ජනතාව දස දහස් ගණනින් වීදි බැස්සා. අගමැති නිල නිවස වෙත ද ජනතාව කඩාවැදුණා. හමුදාවේ ද ඇතැම් පිරිස් ජනතාව හා එක්වන අයුරු ද දක්නට ලැබුණා. මේ අවස්ථාවේ අගමැති ශෙයික් හසීනා තම සහෝදරිය ද සමග හෙලිකොප්ටරයකින් පළා ගියා.

මේ අතර හමුදාපතිවරයා ජාතිය අමතමින් ඉල්ලා සිටියේ අන්තර්වාර ආණ්ඩුවක් කරා යොමුවීමට අවස්ථාව ලබාදෙමින් විරෝධතා නවත්වන ලෙසයි. කඩිනමින් සියළු පක්ෂ හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව අන්තරාවාර ආණ්ඩුවක් පිහිටුවන බව ඔහු කියා සිටියා. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවන්නේ නම් යුධ නීතිය පැනවීම වැනි පියවර අවශ්‍ය නැති බව ද ඔහු පෙන්වා දුන්නා.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media