බන්ධනාගාර රැඳවියන්ට හෙට විශේෂ අවස්ථාවක්

බන්ධනාගාර රැඳවියන්ට හෙට විශේෂ අවස්ථාවක්

හෙටට යෙදී තිබෙන ලෝක සිරකරු දිනය හේතුවෙන් බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් බැලීම සඳහා හෙට (12) දින විශේෂ විවෘත අවස්ථාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සලසා දී තිබෙයි.

ඒ අනුව හෙට (12) දිනය තුළ රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එන ආහාර හා සනීපාරක්ෂක ද්‍රව්‍ය, එක් රැඳවියෙකුට ප්‍රමාණවත් වන පරිදි ලබා දීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වෙයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව එම අමුත්තන් බැලීමේ කටයුතු දිවයිනේ සියළුම බන්ධනාගාර ආයතනයන් තුළ සිදු කරනු ලබන බවයි.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media