බස්නාහිර ඇතුළු පළාත් රැසකට අදත් වැසි

බස්නාහිර ඇතුළු පළාත් රැසකට අදත් වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති විය හැකි බව සඳහන් කරයි.

එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේද විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා තරමක තද සුළං හමා යා හැකි බවට කාලගුණ නිවේදනයේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන්ම විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වැළකී සිටීම, අකුණු සහිත කාලගුණ තත්ත්වයන් පවතින අවස්ථාවල ගස් යට රැඳී නොසිටීම සහ විදුලි උපකරණ භාවිතයේදී සැලකිලිමත් වීම වැදගත් බවද දැනුම් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media