මෙවර ජනපතිවරණයේ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතෙක් නෑ – පැෆරල්

මෙවර ජනපතිවරණයේ බරපතළ ප්‍රචණ්ඩ ක්‍රියා මෙතෙක් නෑ – පැෆරල්

ජනාධිපතිවරණයට අදාළව මනුෂ්‍ය ඝාතන, බෝම්බ ප්‍රහාර, වෙඩි තැබීම් හෝ ගිනි අවි පෙන්වා තර්ජනය කිරීම් කිසිවක් ඊයේ (15දා) පෙරවරුව වනවිටත් වාර්තා වී නැතැයි පැෆරල් සංවිධානය පවසයි.

බරපතළ පහරදීම් 07ක් වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී ඇති බවත් එකක් තහවුරු වී නැති බවත් ඔවුන් පවසයි. පහරදීම් 14ක් වාර්තා වී ඇති අතර ඉන් නවයක් තහවුරු නැත. නිශ්චල දේපළ හානි කිරීම් පහක් වාර්තා වී ඇති අතර ඉන් එකක් තහවුරු වී නැත.

තර්ජනය කිරීම් හා බියවැද්දීම් 17ක් වාර්තා වී ඇති අතර ඉන් දෙකක් තහවුරු වී නැත. දේශපාලන කාර්යාල හානි කිරීම් 29 වාර්තා වී ඇති අතර ඉන් හයක් තහවුරු වී නැත. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ පැමිණිලි 1372ක් ලැබී ඇත.

චමින්ද සිල්වා

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media