,

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බසී : වසර පහට 70,000කින් අඩුවෙලා…

ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බසී : වසර පහට 70,000කින් අඩුවෙලා…

ආසන්නතම වසර පහක කාලය තුළ ක්‍රම ක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ දරු උපත් සංඛ්‍යාව පහළ බැස ඇත. 2019 දී මෙරට වාර්තා වූ උපත් සංඛ්‍යාවට වඩා 2023 වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව ආසන්න වශයෙන් 70,000 කින් පහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලින් පැහැදිලි වනවා.

උපත් අනුපාතිකය අඩුවීම යනු රටේ ශ්‍රම බළකායට සෘජුව බලපෑමක් ඇති කරන්නක්. මේ ආකාරයෙන් උපත් සංඛ්‍යාව පහළ යාම නිසා අනාගතයේදී විවිධ ක්ෂේත්‍රවලට ශ්‍රමිකයන්ගේ හිඟයක් ඇති වීමට ඉඩ තිබෙනවා.

Monara

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2023 වසරේ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත මධ්‍ය වාර්ෂික ජනගහනය මිලියන 22ක්.

ආසන්න වසර හතරක කාලය තුළ ජනගහනය සුළු වර්ධනයක් පෙන්නුම් කළ ද 2022ට සාපේක්ෂව 2023 වසරේ ජනගහනයේ සුළු පහළ යාමක් නිරීක්ෂණය වනවා.

Monara

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media