,

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද මගහරින විනය පරීක්ෂණවලට එරෙහිව වෛද්‍යවරුන් අද කෑම පැයේ විරෝධතාවක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද මගහරින විනය පරීක්ෂණවලට එරෙහිව වෛද්‍යවරුන් අද කෑම පැයේ විරෝධතාවක්

දහවල් 12.‍00 සිට 1.00 දක්වා කෑම පැයේ බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද(03) විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක විනය පරීක්ෂණ ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් විරෝධතා ක්‍රියාත්මක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ප්‍රකාශ කරනුයේ, බස්නාහිර පළාතේ විරෝධතාවය බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිතයි.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media