,

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙයිවෙයි.

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස් වෙයිවෙයි.

හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන පියස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව හෙට පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වේ. විදේශ නඩු තීන්දු අන්‍යේන්‍යව පිළිගැනීම බලාත්මක කිරීම පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමට නියමිතය.අනිද්දා ආනයනය අපනයන පාලන පනත යටතේ රෙගුලාසි ද්විත්වයක්, කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි, උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියෝග ද්විත්වයක් සහ ලංකා මහ බැංකු පනත යටතේ රීති විවාද කොට සම්මත කිරීමට ද නියමිතය.

 

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media