වසර පනහකට අධික කාලයක් විවිධ හඬ අනුකරණය කරමින් රසික සිත් සැනසූ හඬ අනුකරණ ශිල්පී මංගල ප්‍රේමදාස මහතා අද අභාවප්රාප්පත වී ඇත.
කාලයක් රෝගාතුරව පසු ඒ මහතා මිය යන විට 72 වියේ පසුවිය. හෙතෙම දෙදරු පියෙකි.
හඬ ශිල්පියකු ලෙස චිත්‍රපට ටෙලිනාට්‍ය ගුවන් විදුලි නාට්‍ය රැසකට දායක වී ඇති ඒ මහතා ඉන් වසර හතළිහක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හඳ මාමා ළමා වැඩසටහනේ පෙත්තප්පු හඩ නළුව ඉදිරිපත් කර තිබේ.
දේහය රාජගිරිය ගෝතමී පාරේ අංක133/25 නිවසේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු හෙට සවස 4.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
Leave a Reply