,

හදිස්සියේම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

හදිස්සියේම ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් නිකුත් කරයි.

කෝවිඩ්-19 වෛරසය යලිත් හිස ඔසවමින් සිටින බව ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇති අතර මෙවර කෝවිඩ්-19 වෛරසයේ දරුණු ප්‍රභේද හටගැනීමට ඉඩ ඇති බවයි. එසේම මෑත සතිවල රටවල් 84 ක් පුරා ධනාත්මක පරීක්ෂණ ප්‍රතිශතය වැඩිවෙමින් පවතින බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආචාර්ය මාරියා වැන් කර්කෝව් ජිනීවාහි මාධ්‍යවේදීන්ට පවසා ඇත්තේ COVID-19 වෛරසය තවමත් අප සමඟ පවතින බවත් එය සෑම රටකම සංසරණය වන බවයි. එසේම ඇය වැඩිදුරටත් පවසා සිටියේ

“රටවල් 84 ක් පුරා අපගේ සෙන්ටිනල් පදනම් වූ නිරීක්ෂණ පද්ධතියේ දත්ත වාර්තා කරන්නේ SARS-CoV-2 වෛරසය සඳහා ධනාත්මක පරීක්ෂණවල ප්‍රතිශතය බව වාර්තා කර තිබෙනවා “

ඒ අනුව විදෙස් මාධ්‍ය පවසන්නේ ජනාධිපති ජෝ බයිඩන් ජූලි මාසයේදී කෝවිඩ්-19 වෛරසයේ ධනාත්මක බව පරීක්‍ෂා කළ බවත් පැරිස් ඔලිම්පික් උළෙලේදී අවම වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40 දෙනෙකු කෝවිඩ් වෛරසය හෝ වෙනත් ශ්වසන රෝගවලින් ආසාදනය වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයට අනුව , ඇමරිකාව, යුරෝපය සහ බටහිර පැසිෆික් කලාපයේ නව ආසාදන තත්වයන් වාර්තා වී ඇති බවත්. එය දැනට වාර්තා වී ඇති ප්‍රමාණයට වඩා දෙගුණයක සිට 20 ගුණයකින් වැඩි බවයි.

පැතිරීම වැලැක්වීම සඳහා එන්නත් ලබා නොගත් පුද්ගලයන් එන්නත් ලබා ගන්නා ලෙසත් පසුගිය මාස 12-18 තුළ එන්නත් ලබා ගැනීම සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ.

Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media