බස්නාහිර ඇතුළු පළාත් රැසකට තද වැසි සහ සුළං පිළිබඳ අවවාදයක්

බස්නාහිර ඇතුළු පළාත් රැසකට තද වැසි සහ සුළං පිළිබඳ අවවාදයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයට අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසිද ඇති විය හැකිය.

එමෙන්ම ඌව පළාතේ සහ අම්පාර හා මඩකළපුව දිස්ත්‍රික්කවල තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමා යා හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

විශේෂයෙන් ගංවතුර අවදානම් ප්‍රදේශවල ජනතාව, මාර්ග භාවිත කරන්නන් සහ ධීවර ප්‍රජාව කාලගුණ තත්ත්වය පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media