,

ගම්පහත් ඇතුළුව ඩෙංගු රෝගීන් ඉහළට – වසර මුල සිට ආසාදිතයන් 41,000 කට අධිකයි

ගම්පහත් ඇතුළුව ඩෙංගු රෝගීන් ඉහළට – වසර මුල සිට ආසාදිතයන් 41,000 කට අධිකයි

මේ වසරේ ආරම්භයෙන් මේ දක්වා ඩෙංගු රෝගීන් 41,192 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ ඔක්තෝබර් මස 26 දක්වා කාලය තුළ ආසාදිතයන් 2,176 ක් වාර්තා වී ඇති අතර, සැප්තැම්බර් මාසයේදී එම සංඛ්‍යාව 2,401 ක් වූ බවයි.

මෙම මස (ඔක්තෝබර්) 6 සිට 12 දක්වා සතියේදී ආසාදිතයන් 510 ක් ද, 13 සිට 19 දක්වා සතියේදී 655 ක් ද වාර්තා වී ඇති බවද ඇය පැවසීය.

මේ වසරේ ආරම්භයෙන් මෙතෙක් ඩෙංගු මරණ 22 ක් වාර්තා වී ඇති අතර, පවතින වැසි සහිත කාලගුණය නිසා ඩෙංගු ව්‍යාප්තිය තවත් ඉහළ යාමේ අවදානමක් පවතින බවද ඇය අවධාරණය කළාය.

ඇය සඳහන් කළේ කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, මහනුවර, කුරුණෑගල, කෑගල්ල, රත්නපුර, මඩකළපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන බවයි.

ඩෙංගු රෝග ලක්ෂණ ලෙස දින දෙකකට වඩා උණ පවතින අය ඩෙංගු උණ බවට සැක කර, වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අත්‍යවශ්‍ය බවත් ඇය අවධාරණය කරයි.

ඒ අතර ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට මතක් කරන්නේ, පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යාම මඟින් මදුරු බෝවීම වැළැක්විය හැකි බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media