ගම්පහ සතිපොළවල බිම දමා විකුණන එළවළුට ජනතා විරෝධය – පළාත් පාලන සෞඛ්‍ය අංශ නිශ්ශබ්දයි!

ගම්පහ සතිපොළවල බිම දමා විකුණන එළවළුට ජනතා විරෝධය – පළාත් පාලන සෞඛ්‍ය අංශ නිශ්ශබ්දයි!

ගම්පහ ප්‍රදේශයේ බොහෝ සතිපොළවල වෙළඳුන් විසින් බිම අතුරා එළවළු හා පලතුරු අලෙවි කිරීමේ අපිරිසිදු පුරුද්දක් ක්‍රියාත්මක වීම පිළිබඳව පාරිභෝගිකයන් දැඩි විරෝධය පළ කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ, සතිපොළ නොමැති දිනවලදී බල්ලන්, ගවයින් ගැවසෙන බිම්වල එළවළු තැබීම තුළින් පාරිභෝගික සෞඛ්‍යයට බරපතල අනතුරු මතුවිය හැකි බවයි. එමෙන්ම පළාත් පාලන ආයතන හා සෞඛ්‍ය අංශ මෙය නොසැලකිලිමත්ව පරික්ෂා නොකරන ආකාරයද කණගාටුදායක යැයි ඔවුන් කියති.

සතිපොළ ආරක්ෂිත ලෙස පවත්වාගෙන යාම සඳහා සවිබල ගැන්වූ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අලෙවි කරන අය සඳහා නිසි තට්ටු සහ වෙන්කළ අවකාශ සැපයීම පළාත් පාලන ආයතනවල වගකීමක් බවත් ජනතාව අවධාරණය කරති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media