පීල්ලවත්ත වැව ක්‍රීඩා පිටියක් බවට – Clean Sri Lanka ක්‍රියාදාමයට විරෝධය

පීල්ලවත්ත වැව ක්‍රීඩා පිටියක් බවට – Clean Sri Lanka ක්‍රියාදාමයට විරෝධය

ගම්පහ දිස්ත්‍රික්කයේ ජල ගැලුම් වලට දැඩි බලපෑමක් එල්ලකරන පීල්ලවත්ත වැව සියලු නීති අණ පනත් අමු අමුවේ උල්ලංගණය කරමින් ගොඩ කරන Clean Sri Lanka විනාශය හෙලා දකිමු. පීල්ලවත්ත වැව ගොඩ කිරීම යනු, දඩුගම, කිබුලපිටිය සහ කටාන ප්‍රදේශ වල දකින්නට ලැබෙන දැවැන්ත ජල ගැලුම් තත්වය තව තවත් උග්‍ර කිරීමකි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දැවැන්ත ජල ප්‍රවාහයක් රදවා ගන්නා ජල ගැලීම වලට දැඩිව බලපාන පීල්ලවත්ත වැව ගොඩ කිරීම යනු, දඩුගම, කිබුලපිටිය සහ කටාන ප්‍රදේශ වල දකින්නට ලැබෙන දැවැන්ත ජල ගැලුම් තත්වය තව තවත් උග්‍ර කිරීමකි. අනුර කුමාර කෘෂි ඇමතිවරයා සමයෙහි 1000 වැව් වියපෘතියට පවා ඇතුලත් වූ මේ වැව සකලකලාවල්ලබ රජු සමයෙහි නිර්මාණය වුවක් ලෙස සැලකේ. මෙම වැව ඉදිකර ඇත්තේ මහනුවර සහ නාවලපිටිය අතර දැවැන්ත කදු පන්තින්ගෙන් පැමිණෙන ජලය ගම්පහ දිස්ත්‍රික්ක හරහා ගලාබසින ප්‍රධාන මාර්ග 4න් එකක් පාලනය කිරීම සදහාය. අද කටුනායක මිනුවන්ගොඩ මාර්ගයද ඉදිවී ඇත්තේ මේ වැව හරහාය. විය යුත්තේ මහා මාර්ගයේ අනිත් පසත් නැවත වැවට එක්කරමින් දඩුගම, කිබුලපිටිය සහ කටාන ජල ගැලුම් පාලනය සදහා වැව විශාල කිරීමය. නමුත් මාලිමා රජය අද කරන්නේ එම වැව තවත් කුඩා කිරීමය.

සියල්ල සිදුවන්නේ කටාන මාලිමා මන්ත්‍රීවරයාට ජන්ද වැඩ සදහා වියදම් කල පුත්ගලයෙකුගේ අවශ්‍යතාවයට බව සැලකේ. දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ තීරණය නොසලකා මාලිමා මන්ත්‍රී වරයා තම හිතු මතයට මේ සිදුකරන ක්‍රියාවලිය පීල්ලවත්තට පමණක් නොව සමස්ත රටම බලපානු ඇත. ඒ පීල්ලවත්ත වැවේ ජල දාරිතාවය අඩු වීම නිසා දඩුගම් ඔය ආශ්‍රිතව ජල ගැලුම් තත්වය තව තවත් දරුණු වීමෙන් රටේ කටුනායක ජ්‍යාත්‍යන්තර ගුවන් තොටුපල ආශ්‍රිත ජල ගැලීම් තත්වය ඉහල යෑම නිසයි. මේ විනාශය නැවත හැරවීමට මාලිමා රජය පියවර ගත යුත්තේ එම නිසාය.

  • පරිසරවේදී සංඛ චන්දිම අභයවර්ධන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media