බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි හා ගිගුරුම් – අකුණු අනතුරු අවදානම්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට තද වැසි හා ගිගුරුම් – අකුණු අනතුරු අවදානම්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති වීමට ඉඩ ඇති අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00ට පසුවද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එමගින් ජනතාවට අවවාද කර ඇත්තේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් හා අකුණු මඟින් සිදු විය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media