2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන පළමු වටයේ අභියාචනා ඉදිරිපත් කිරීම 2026 ජනවාරි 12 දින සිට 2026 ජනවාරි 25 දින දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන
👉 www.moe.gov.lk
වෙත පිවිස උපරිම පාසල් 3ක් සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.
එමෙන්ම,
👉 g6application.moe.gov.lk
යන වෙබ් අඩවිය ඔස්සේ ද සෘජුවම අභියාචනා යොමු කළ හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.











Leave a Reply