පින්බර පොසොන් මහෝත්සවය නිමිත්තෙන් දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය (1 සහ 2), ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ශ්‍රී ලංකා පොලීසිය, ව්‍යාපාරික ප්‍රජාව, සිවිල් සහ ස්වේච්ඡා සංවිධාන එක්ව සංවිධානය කළ “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැරේ සමාරම්භක උත්සවය ඊයේ (28) ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
සධාතුක කරඬුව පෙරටු කොටගෙන, අලි ඇතුන්, හේවිසි කණ්ඩායම් සහ විවිධ සංස්කෘතික අංගයන්ගෙන් විචිත්‍රවත් වූ මෙම පොසොන් මහා පෙරහැර දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වී මරඳගහමුල වාලුකාරාම විහාරස්ථානය දක්වා වීථි සංචාරය කළේය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ඇතුළු ආරාධිත පිරිසක් එක්ව සිටි අතර, විජිත හේරත් මහතා, අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා, මහින්ද ජයසිංහ මහතා, හේමාලි වීරසේකර මහත්මිය, ධර්මප්‍රිය විජේසිංහ මහතා සහ ස්ටෙෆනි ප්‍රනාන්දු මහත්මිය ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වූහ.
එමෙන්ම දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් මානෙල් දමයන්ති කුමාරි මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් මෙම පොසොන් බැතිබර අවස්ථාවට එක්ව සිටියහ.
දිවුලපිටිය ප්‍රදේශයේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස සැලකෙන “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර මෙවරද ජනතා ආකර්ෂණය දිනාගනිමින් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.










Leave a Reply