දිවුලපිටිය ඒකාලෝක කරන “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර 28දා

දිවුලපිටිය ඒකාලෝක කරන “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර 28දා

පොසොන් පොහොය නිමිත්තෙන් දිවුලපිටිය පුරවරය ඒකාලෝක කරමින් පැවැත්වෙන “අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර 2026 ජූනි 28 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

දිවුලපිටිය මහජන ක්‍රීඩාංගනයෙන් ආරම්භ වන මෙම පෙරහැර, මරඳගහමුල වාළුකාරාම විහාරස්ථානය දක්වා වීදි සංචාරය කිරීමට නියමිත අතර, රාත්‍රී 7.00 සිට පෙරහැර මංගල්‍යය ආරම්භ වේ.

ආලෝක රටා, සංස්කෘතික අංග, සාම්ප්‍රදායික නර්තන කණ්ඩායම්, හේවිසි කණ්ඩායම් සහ අලංකාරයෙන් සැරසුණු ඇතුන්ගේ සහභාගීත්වයෙන් මෙම පොසොන් මහා පෙරහැර පැවැත්වීමට සංවිධායකයන් සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට සහභාගී වීමට නොහැකි බැතිමතුන් සඳහා පෙරහැරේ සජීවී විකාශය YouTube සහ Facebook මාධ්‍ය ඔස්සේ නැරඹීමේ පහසුකම් ද සලසා තිබේ.

“අනුබුද්ධාභිවන්දනා” පොසොන් මහා පෙරහැර සංවිධානය කරනු ලබන්නේ දිවුලපිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව, ශ්‍රී ලංකා පොලීසිය, ව්‍යාපාරික ප්‍රජාව සහ සිවිල් හා ස්වේච්ඡා සංවිධාන එක්වය.

බැති සිතින් මෙම උතුම් ආගමික හා සංස්කෘතික මංගල්‍යයට එක්වන ලෙස සංවිධායක මණ්ඩලය ජනතාවට ආරාධනා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media