ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන 2026 වර්ෂයට අදාළ ‘ඇසිදිසි ජනමාධ්‍ය’ සහ ‘ඇසිදිසි – තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා අයදුම්පත් කැඳවා තිබේ.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන් සඳහා අයදුම්පත් භාරගැනීම 2026 ජූලි මස 10 වැනිදා දක්වා සිදු කෙරෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
අයදුම්කරුවන් වසර දෙකක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, පිළිගත් විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය ආයතනයක පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියුතු වයස අවුරුදු 18ත් 55ත් අතර මාධ්‍යවේදීන් විය යුතුය.
එමෙන්ම රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂය සඳහා නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත සතු වීමද අනිවාර්ය වේ.
ශිෂ්‍යත්ව ආධාර යටතේ ආචාර්ය උපාධි සඳහා රුපියල් 700,000ක් ද, දර්ශනපති, ශාස්ත්‍රපති සහ සාමාන්‍ය උපාධි පාඨමාලා සඳහා රුපියල් 350,000ක් දක්වාද මූල්‍ය ආධාර ලබාදීමට නියමිතය.
පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ඩිප්ලෝමා සහ කෙටිකාලීන පාඨමාලා සඳහා උපරිම රුපියල් 200,000ක මූල්‍ය ආධාරයක් ලබාදෙන අතර, වැඩසටහන් දෙක සඳහාම අයදුම් කරන පුද්ගලයෙකුට ලබාගත හැකි උපරිම මූල්‍ය ප්‍රතිලාභය රුපියල් 350,000කි.
අයදුම්පත් 2026 ජූලි 10 වැනිදා හෝ ඊට පෙර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, ‘ඇසිදිසි මැදුර’, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
වැඩිදුර තොරතුරු සහ අයදුම්පත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.media.gov.lk වෙතින් ලබාගත හැකිය.
තවද වැඩි විස්තර සඳහා 011 2513645 හෝ 071 4931696 යන දුරකථන අංක ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව අමාත්‍යාංශය සඳහන් කරයි.










Leave a Reply