මීගමුව – “Clean Sri Lanka” ජාතික වැඩසටහන යටතේ “පිරිසිදු වෙරළ තීරයක් – ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක්” වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය අද (29) මීගමුවේ “බ්‍රවුන්ස් බීච්” අසලින් ආරම්භ කරන ලදී.
මෙහිදී කුට්ටිදූව සිට කොච්චිකඩේ කම්මල්තොට මෝය කට දක්වා කිලෝමීටර 9.1ක වෙරළ තීරය කණ්ඩායම් 12ක් යොදාගෙන පිරිසිදු කරන ලදී.
මෙම අවස්ථාවට ගම්පහ අතිරේක දිස්ත්‍රික් ලේකම් ආසිරි වීරසේකර, 141 පාබල බල සේනාධිපති බ්‍රිගේඩියර් රොෂාන් ධර්ම වික්‍රම, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලව ආරච්චි, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද සහ රාජ්‍ය, පෞද්ගලික ආයතන සහ පරිසර සංවිධාන නියෝජිතයින් සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කළ මෙම වැඩසටහනේදී දිවයින පුරා දිස්ත්‍රික්ක 14ක් ආවරණය වන පරිදි වෙරළ තීර 258ක් එකවර පිරිසිදු කරන ලදී.
මෙම වැඩසටහනට ජනාධිපති කාර්යාලය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, සමුද්‍රීය පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, සංචාරක හෝටල් සංගමය සහ මහජනතාව එක්ව සහය දැක්වීය.











Leave a Reply