හීනටියන පොත්ගුල් විහාරයේ 79 වැනි පොසොන් මහා පෙරහැර අභිමානවත් අන්දමින් පැවැත්වෙයි

හීනටියන පොත්ගුල් විහාරයේ 79 වැනි පොසොන් මහා පෙරහැර අභිමානවත් අන්දමින් පැවැත්වෙයි

හීනටියන පොත්ගුල් විහාරස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන 79 වැනි පොසොන් මහා පෙරහැර පසුගිය 27 වැනිදා විහාරාධිපති ශාස්ත්‍රාපති ධම්මදස්සී නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

මෙරට පවත්වනු ලබන පැරණිතම පොසොන් පෙරහැරවලින් එකක් ලෙස සැලකෙන මෙම මහා පෙරහැර දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් වීදි සංචාරය කළේය.

පෙරහැරේ ප්‍රධාන අංගයක් වූ සධාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කිරීමේ අවස්ථාව විශේෂ ආකර්ෂණයක් වූ අතර, එම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය.

හේවිසි කණ්ඩායම්, සාම්ප්‍රදායික නර්තන අංග, සංස්කෘතික ඉදිරිපත් කිරීම් සහ අලංකාරයෙන් සැරසුණු ඇතුන්ගේ සහභාගීත්වයෙන් පෙරහැර විචිත්‍රවත් අයුරින් පැවැත්වුණු අතර, ප්‍රදේශවාසීන් සහ බැතිමතුන් විශාල පිරිසක් එය නැරඹීමට එක්ව සිටියහ.

බෞද්ධ සංස්කෘතිය හා පොසොන් උත්සව සම්ප්‍රදාය පරපුරෙන් පරපුරට රැගෙන යමින් හීනටියන පොත්ගුල් විහාරස්ථානය සංවිධානය කරන මෙම මහා පෙරහැර ප්‍රදේශයේ ප්‍රධාන ආගමික හා සංස්කෘතික උත්සවයක් ලෙස සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Follow Us On Social Media